ගරු අමාත්‍යතුමාගේ සුබ පැතුම් පණිවුඩය

mahinanda
ගරු මහින්ද අමරවීර මැතිතුමා
කෘෂිකර්ම අමාත්‍ය

අහරින් සුසැදි රටක් ගොඩනැංවීමෙහිලා කෘෂිකර්ම අමාත්‍යාංශය දක්වන දායකත්වය වඩාත් සාර්ථක වනුයේ අප වටා බැඳී තිබෙන අපගේ සියලු ආයතන විසින් ලබාදෙන්නා වූ සහයෝගය මතිනි. එවන් ආයතන අතර කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ද සුවිශේෂී වූ ආයතනයකි. වගාවට අවශ්‍ය පොහොර ගොවීන් වෙත නිකුත් කිරීමට අදාළ වගකීම් ඉටු කරමින් එම ආයතනය කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත දක්වන සහයෝගය මෙහිලා විශේෂයෙන් සිහිපත් කළ යුතු ය.

ගොවිතැන ජීවනෝපාය කරගත් ගොවි ප්‍ර‍ජාවගේ ප්‍ර‍ධාන අවශ්‍යතාවයක් වන පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාවට නැංවීමේ දී කොමර්ෂල් පොහොර සමාගම නොවන්නට පොහොර කලට වේලාවට නිකුත් කිරීමට අදාළ ක්‍රියාවලිය කඩිනමින් සිදු කිරීම අසාර්ථක වනු ඇත. දිවයින පුරා විසිර සිටින ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත නිකුත් කිරීමේ දී, කොමර්ෂල් පොහොර සමාගමේ කාර්ය මණ්ඩලය ඉටු කරන්නේ ජාතික කර්තව්‍යයකි.

එහිදී දිවයින පුරා විසිරී සිටින ගොවි ජනතාවට අවශ්‍ය සේවාවන් සපයමින් ස්වකීය කීර්තිනාමය ජනහදවත් තුළ රඳවා තබා ගැනීමට කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සමත් වී ඇත. එවන් ජනහිතකාමී ආයතනයක් වන කොළඹ කොමර්ෂල් පොහොර සමාගම දිනෙන් දින බබළන සාර්ථක ආයතනයක් වේවායි වත්මන් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මාගේ හෘදයාංගම සුබාශිංසන එක් කරමි.

Latest News