ශ්‍රී ලංකා රජයේ අරමුණ වන්නේ රට කෘෂිකාර්මික අර්ථ ක්‍රමයේ ඉදිරියට ගෙන යාමත්, නිරෝගී ජාතියක් බිහි කිරීම උදෙසා විෂ සහිත සහිත කෘෂි රසායනික භාවිතයෙන් බැහැර කිරිමත් ය.

කොළඹ කොමර්ෂල් පොහොර ආයතනය රජයේ අනුබද්ධිත ආයතනයක් වශයෙන් රජයේ අරමුණු සිය ව්‍යාපාර කටයුතු ඔස්සේ ඉටු කිරීමේ වගකීමෙන් බැඳී සිටියි.

කොළඹ කොමර්ෂල් පොහොර ආයතනය සිය ලාභය තකා ම රසායනික පොහොර අලෙවි කරන ආයතනයක් නොව, උසස් තත්ත්වයේ පොහොර, මනා ලෙස භාවිතා කරන ආකාරය පිළිබඳව ගොවි ජනතාව දැනුම්වත් කරන ආයතනයකි. අපි, කොළඹ කොමර්ෂල් පොහොර ආයතනය වශයෙන් අපගේ ගොවි ජනතාව සහ වගා කරුවන් වෙත ලබා දෙන පණිවුඩය නම්, පොහොර භාවිතයේ නිසි ක්‍රමවේදය වන්නේ උසස් තත්ත්වයේ රසායනික පොහොර කාබනික පොහොර සමග මිශ්‍ර කර භාවිතා කිරීමෙන් උපරිම අස්වැන්නක් ලබා ගත හැකි බවයි.

මෙම ඒකාබද්ධ ශාක පෝෂක ක්‍රමවේදය, නිරෝගී ජාතියක් බිහි කිරීමේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අරමුණ සාක්ෂාත් කර ගැනීමෙහි ලා සඵලදායී සහ කාර්යක්ෂම ක්‍රමවේදය ලෙස උදක් ඉවහල් වනු ඇත.

ආචාර්ය බී.කේ ජගත් පෙරේරා 
සභාපති
කොළඹ කොමර්ෂල් පොහොර ආයතනය.

Latest News