සැකසුම් සහ බෙදා හැරීම් අංශය

  • වත්තල මධ්‍යම ගබඩා සංකීර්ණය සහ දිවයින පුරා පිහිටි ගබඩාවන් හි අවශ්‍ය පොහොර සංචිත කිරීම සහ කළමනාකරණය කිරීම.
  • අලෙවිය සහ බෙදා හැරීම
  • පොහොර මිශ්‍රණ සැකසීම සහ බෙදා හැරීම

 

මූල්‍ය සහ පරිපාලන අංශය

පරිපාලන අංශයේ කාර්යයන්

මුල්‍ය අංශය, ආයතනයේ හදවත බඳු ප්‍රධාන ස්ථානයක් ගනී. එහි සමස්ත කාර්ය භාරය, මුල්‍ය කළමනාකරු සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් ඉටු කරනු ලැබේ. මුල්‍ය අංශයේ මූලික කාර්යයන් වන්නේ ගිණුම් තැබීම, ගණුදෙනු සිදු කිරීම, අවශ්‍ය අවස්ථාවන්හි දී මුල්‍ය තොරතුරු ලබා දීම, බදු අය කිරීම, මුදල් කළමනාකරණය සහ මුල්‍ය පරිපාලනය යනාදියයි.

සෑම මුල්‍ය කටයුත්තක් සඳහා ම ආයතනික කාර්යයන් මූලික වී ඇති අතර ඒවා නිෂ්පාදනය පාදක කරගත් කටයුතු වේ. එසේම එම තොරතුරු පහත දක්වා ඇති අරමුණු සාධනය කර ගැනීම ඉලක්ක කර පවතී.

  • ගිනුම්කරණය – ආයතනයේ කාර්යයන් සම්බන්ධ මූල්‍ය තොරතුරු වාර්තා ගත කිරීම
  • අනුගතතාව – රජයේ සහ අනෙකුත් නීති සම්පාදන ආයතනයන්හි නිර්දේශ සපුරාලීම
  • කළමනාකරණය සහ පාලනය – මූල්‍ය සහ අනෙකුත් තොරතුරු සම්පාදනය කිරීම මගින් ආයතනයේ අරමුණු සාධනය කර ගැනීමට අවශ්‍ය පරිදි ආයතනික ක්‍රියාකාරකම් දැනුම් දීම, පාලනය කිරීම සහ විමර්ශනය කිරීම
  • විධික්‍රම සහ අවදානම් සාධක – මූල්‍යමය දැක්මකින් කාර්යය සංවර්ධනය, කාර්යය සාධනය සහ අවදානම් සාධක කළමනාකරණය පිළිබඳ තොරතුරු දැනුම් දීම සහ තීරණ කෙරෙහි බල පැවැත්වීම
  • ප්‍රතිපාදන – ආයෝජන කාර්යයන්හි යෙදීම මගින් ආයතනයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සකසා ගැනීම කළමනාකරණය කිරීම

 

මුල්‍ය අංශයේ කාර්යයන්

  • ආයතනයේ සියලුම ගිණුම් සහ මුල්‍ය තොරතුරු වාර්තා කර තැබීම
  • නැව්ගත කිරීම් සඳහා අරමුදල් ලබා ගැනීම උදෙසා බැංකු ආයතන සමග කටයුතු කිරීම
  • ව්‍යාපාර කටයුතු හා සම්බන්ධ ගැටළු වල දී අදාළ පාර්ශ්වකරුවන් සමග කටයුතු කිරීම

ප්‍රසම්පාදන සහ සැපයුම් අංශය

  • සැපයුම්කරුවන් ලියා පදිංචි කිරීම (ආනයන සහ දේශීය)
  • රසායනික පොහොර ප්‍රසම්පාදන කටයුතු
  • අනෙකුත් භාණ්ඩ හා සේවාවන් හි ප්‍රසම්පාදන කටයුතු.
  • සියලුම සැපයුම්, ආනයන හා නැව් ගත කිරීම් සම්බන්ධ කටයුතු.

 

අභ්‍යන්තර විගණන අංශය

මෙම අංශයේ සේවයේ නියුතු වූවන් හට ආයතනයේ ක්‍රමවේද, වැඩ සටහන් සහ පසුබිම සම්බන්ධ මනා වැටහීමක් තිබේ. අපගේ ඉහළ කළමනාකාරීත්වය සහ පරිපාලන ආයතන වෙත, අප ආයතනයේ ක්‍රියාත්මක වන වැඩ පිළිවෙළෙහි නිරවද්‍යතාවත් ආයතනයේ උපාය මාර්ගික සහ ක්‍රියාකාරී සැලසුම් වල අරමුණු, මූල්‍ය සහ අනුමත අරමුණු එම වැඩ පිළිවෙළින් සාක්ෂාත් කර ගත හැකි බවත් විශ්වසනීය ලෙස තහවුරු කරන්නේ මෙම අංශය විසිනි. ආයතනයේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නංවාළීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය ව්‍යාපාර ක්‍රමවේදය සහ පවතින දත්ත විමසීම මත පදනම් ව ස්වාධීන නිර්දේශ ලෙස ඉදිරිපත් කිරීම ද මෙම අශය මගින් සිදු කෙරේ.

නීති අංශය

නීතිපති දෙපාර්තමේන්තුව සමල විටින් විට සම්බන්ධ වෙමින් ආයතනය සම්බන්ධ උසාවි කටයුතු, නඩු පැවරීම් කටයුතු ආදිය කළමනාකරණය කිරීම.

  • අධිකරණය සහ අනෙකුත් නීති සම්පාදක ආයතන (කම්කරු දෙපාර්තමේන්තුව, මානව හිමිකම් කොමිෂන් සභාව සහ අනෙකුත් නීති රෙගුලාසි සම්පාදක ආයතන)යන් ගෙන් කැඳවුම් ලද විට ආයතනය වෙනුවෙන් පෙනී සිටීම සහ ආයතනය නියෝජනය කිරීම
  • නීති කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ලිපි ලේඛන සැකසීම
  • විනිශ්චයන් ප්‍රකාශයට පත් කරන අවස්ථාවන් හි දී ආයතනය නියෝජනය කිරීම
  • ආයතනය සම්බන්ධ නීතිමය කටයුතු වල දී නීතිපති දෙපාර්තමේන්තුවෙන්, අනෙකුත් රාජ්‍ය උපදේශක ආයතන වලින් සහ නීති ක්ෂේත්‍රයේ නිපුණයින්ගෙන් උපදෙස් ලබා ගැනීම.
  • අභ්‍යන්තර නීති ලිපි ලේඛන, කොන්ත්‍රාත් ලිපි, නිවේදන, අවබෝධතා ගිවිසුම් සහ ඉල්ලීම් ලිපි කෙටුම් පත් කිරීම, සැකසීම සහ තහවුරු කිරීම.
  • ආයතනයේ අනෙකුත් අංශ වලින් සම්පාදනය කෙරෙන සියලුම නෛතික ලිපි ලේඛන සඳහා සුදුසු නිවැරැදි නිර්දේශයන් ලබා දීම.
  • ආයනයේ සියලුම නෛතික සහ විනය විමසීම් කටයුතු නියෝජනය සහ මෙහෙයවීම

Latest News