අද දින පෙරවරු 6.38ට යෙදුනු පැළ සිටුවීමේ නැකැතට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දෙහි පැළයක් රෝපණය කළ අතර ඊට සමගාමීව අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් එච්. එම්. ඒ. එල්. අබේරත්න ඇතුළු නිලධාරිහු පිරිසක් පලතුරු පැළ රෝපණය කළහ. නැකතට පැළයක් - පලයක් දෙන දෙන පැළයක් සිටුවමු යන තේමාව යටතේ මෙවර ජාතික පැළ සිටුවීමේ නැකත සැමරීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු යොදා තිබිනි. පැළ රෝපණය කිරීමට අමතරව රැස්වූ ජනතාවට පැළ බෙදාදීම ද අමාත්‍යවරයා අතින් සිදුවූ අතර කොමර්ෂල් සමාගම හා ලක් පොහොර සමාගම විසින් පලතුරු පැළ සඳහා අවශ්‍ය මිශ්‍ර පොහොර ද ගොවීන් අතර බෙදා හැරීමට කටයුතු යොදා තිබිනි.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා- පැළ සිටුවීමේ නැකත සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සඳහා ඇතුළත් කිරීමට මම කටයුතු කළේ පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටින විටයි. අද දින පැවැත්වෙන්නේ එහි සිව්වන අදියරයි. ශ්‍රී ලංකාවේ වනගහනය 2030 වනවිට සියයට 30 දක්වා ඉහළ නැංවීම සඳහා අපි ජාත්‍යන්තර සම්මුති සමග එකගතාවයකට පැමිණ තිබෙනවා. දැනට අපේ රටේ වනගහනය සියයට 29.2යි. මෙම ප්‍රමාණය සියයට 30 දක්වා ගෙන ඒමට නම් වනාන්තර ප්‍රමාණය තවත් දශම 08කින් ඉහළ නැංවිය යුතුයි. බැලූ බැල්මට මෙය සුළුපටු ඉළක්කයක්බව පෙනුනත් අපේ රටේ වන ගහනය දශම 08කින් ඉහළ නැංවීමට හෙක්ටෙයාර් 65,000ක අපි වනාන්තර වගා කළ යුතුයි.

ඒක පහසු කටයුත්තක් නොවෙයි. නමුත් දැන කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් පරිසරය සුරැකීම මෙන්ම රටට අවශ්‍ය ආහාර බෝග වගාවටත් මම ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි. ඒ නිසා මෙවර පැළ සිටුවීමේ ජාතික නැකැත් චාරිත්‍රය අනුව බහුවාර්ෂික බෝගයක් වශයෙන් පලතුරු පැළ රෝපණය කිරීමට අපි පියවර ගත්තා. පසුගිය මහ කන්නයේ මෙතෙක් අප රටේ වැඩිම වී අස්වැන්නක් අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ ගොවීන් සිව්දෙනෙක් වාර්තා කර තිබෙනවා. තුන්දෙනෙක් හෙක්ටෙයාර් එකකට වී කිලෝග්‍රෑම් 11,000කට වැඩි ප්‍රමාණයකුත්, එක් ගොවියෙක් වී කිලෝ ග්‍රෑම් 9000කට අධික ප්‍රමාණයකුත් අස්වනු ලබා තිබෙනවා. මේ ආකාරයට අපේ රටේ සෑම ගොවියෙක්ම වැඩි අස්වැන්නක් ලබා ගැනීමට නම් හොඳ බීජ වී, නිසි කළට පොහොර යෙදීම හා තාක්ෂණික ක්‍රම යොදා ගත යුතුයි. රටේ ආහාර බෝග වගාව ඉහළ නැංවීමට ගොවීන්ට ලබා දෙන සහන ප්‍රමාණය ඉහළ නැංවීමටත් රජය වශයෙන් දැන් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. කුමන බාධක හා විවේචන එල්ල වුවත් අපි මේ රටේ කෘෂිකර්මාන්තය ඉහළ නැංවීමේ ‌ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනියනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

IMG 7033
IMG 7033
IMG 7033
 
IMG 7033
IMG 7033
IMG 7033
 
7
IMG 7033
IMG 7033
IMG 7033
 
IMG 7033
IMG 7033
IMG 7033
 
IMG 7033
IMG 7033
IMG 7033
 
IMG 7033
IMG 7033
IMG 7033
 
IMG 7033
IMG 7033
IMG 7033
 
IMG 7033
IMG 7033
IMG 7033
 
IMG 7033
IMG 7033
IMG 7033
 
IMG 7033
IMG 7033
IMG 7033

Latest News