හුංගම බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේ දී පැවැති Agri Tech 24 කෘෂි තාක්ෂණික ප්‍රදර්ශණය අද දින පෙරවරුවේ මහජනතාවට දැක බල‌ා ගැනීම සඳහ‌ා විවෘත විය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශණයේ කටයුතු ආරම්භ වූ අතර එම අවස්ථාවට නියෝජ්‍ය කතානායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මෙම ප්‍රදර්ශණය පැවැත්වීමේ මුලික අරමුණ වන්නේ නව කෘෂි තාක්ෂණය ගොවි ජනතාව සඳහා හඳුන්වා දීමයි. වී වගාව ඇතුළු අතිරේක බෝග වගාව, එලවළු හා පලතුරු වගා කිරීම , පශු සම්පත් සංවර්ධනය, අපනයනය ඉලක්ක කර ගත් වගාවන් මෙන්ම නව තාක්ෂණය වගා කටයූතු සඳහා යොදා ගැනීම පිලිබඳව මෙහිදි ප්‍රදර්ශණයට ඇතුළත් කර තිබේ.

රාජ්‍ය අංශය මෙන්ම පුද්ගලික අංශයේ ද නියෝජනය වන පරිදි කුටි 150කින් සමන්විත වන මෙම ප්‍රදර්ශනය අද දින සිට ලබන 05 දිනය දක්වා පෙරවරු 08 සිට පස්වරු 07 දක්වා ප්‍රදර්ශණය කෙරේ.

අද දින සමාරම්භක දිනයට සහභාගි වෙමින් කෘෂිකර්ම අමාතයවරයා කියා සිටියේ 2022 වර්ෂයේ මෙරටට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් ආනයනය කළ අතර ඒ සඳහා ඩොලර් මිලියන 300ක් වැය කිරීමට රජයට සිදු වූ බවයි.

නමුත් 2023 වර්ෂයේ දී සහල් ඇටයක් හෝ ආනයනය නොකළ අතර 2023 හා 24 වර්ෂ දෙක තුළ මෙරට ගොවි ජනතාව ඩොලර් මිලියන 600කට අධික මුදලක් රටට ඉතිරි කර දී ඇති බව කීය.

එමෙන්ම 2023 වර්ෂයේ දී මෙන්ම 2024 වර්ෂයේ ද මේ රටේ ජනතාව පාරිභෝජනය කරනු ලබන්නේ දේශීය සහල් මිස ආනයනික සහල් නොවන බවත්, එම ගරුත්වය හා ආඩම්බරය මේ රටේ ගොවි ජනතාවට හිමිවිය යුතුය.

එමෙන්ම ඇතැම් ගොවි නියෝජිතයින් යැයි කියා ගන්නා දේශපාලනික කන්ඩායම්වල නියෝජිතයින් මේ ගොවි ජනතාව මෙන්ම කෘෂිකර්මාන්තය අඩාල කිරීමේ උත්සාහයක නිරතව සිටින බවත්, නමුත් ගොවි ජනතාව එම උගුල්වලට හසු නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.එමෙන්ම මෙවර මහ කන්නයේ වැඩිම වී අස්වැන්න උඩවලවේ කලාපයෙන් වාර්තා වී තිබෙන අතර ශ්‍රී ලංකාවේ පළමුවරට හෙක්ටයාර් එකකින් වී කිලෝග්‍රෑම් 12,000ක් බැගින් අස්වනු ලබා ගැනිමට ගොවින්ට හැකි වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

IMG 7033
IMG 7033
IMG 7033
IMG 7033
IMG 7033
IMG 7033
IMG 7033
IMG 7033
IMG 7033
IMG 7033
IMG 7033
IMG 7033
IMG 7033
IMG 7033
IMG 7033
IMG 7033
IMG 7033
IMG 7033
IMG 7033
IMG 7033

Latest News